දිවයිනේ තෝරාගත් ඉන්ධන පිරවුම්වල, ඉන්ධන වල ප්‍රමිතිය පරික්ෂා කිරීමේ කටයුතු අද (30) දිනයේ සිදුකෙරෙනවා.
ඉන්ධනවල ප්‍රමිතිය සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි අනුව මෙම පරික්ෂා කිරීම් ආරම්භ කළ බවයි මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළේ.
පෙට්‍රල් නිකුත් කිරීමේදී ලීටරයකින් 1.2%ක් අඩුවෙන් නිකුත්කළ ඉන්ධන පිරවුම්හලක පොම්ප 02ක් මුද්‍රා තැබීමට ඊයේ (29) මහජන උපයෝගීතා කොමිසම කටයුතු කළා.