ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී විජිත හේරත් සහෝදරයාගේ ඕමාන සංචාරය අතරතුරදී, ඕමානයේ ශ්රී ලංකා තානාපති සහ තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය හමුවී සුහද සාකච්ඡාවක නිරත විය. ඉන් අනතුරුව මන්ත්රීවරයා ආරක්ෂිත නිවාසයේ මේ වනවිට රැඳී සිටින 100කට අධික ශ්රී ලංකික ගෘහ සේවිකාවන් හමුවී තිබේ.
එහිදී ඔවුන්ගේ දුක්ගැනවිලිවලට ඉතා සාවදානව සවන්දුන් මන්ත්රීවරයා, මේ පිළිබඳව ශ්රී ලංකාවේ අදාළ අංශ සහ පාර්ලිමේන්තුව දැනුවත් කරන බව සඳහන් කළේය.
මෙම කාන්තාවන් ඉතා අඩු පහසුකම් යටතේ ඉතා සීමිත ඉඩ ප්රමාණයක දැඩි අපහසුතා යටතේ රැඳී සිටින ආකාරය මන්ත්රීවරයාගේ නිරීක්ෂණයට ලක්විය. ආරක්ෂිත නිවාසයේ සිටිය හැකි ප්රමාණය 20ක් පමණ වුවත්, මේ වනවිට සියයකට අධික ප්රමාණයක් එහි රැඳී සිටින්නේ අවම පහසුකම්වත් නැති පසුබිමකය.
Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.