ඊයේ (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මත්පැන් මිල ගණන් ඉහළ දැමීමට සමාගම් තීරණය කර තිබෙනවා.
ඒ අනුව DCSL සමාගම විසින් මිලිලීටර් 750 අති විශේෂ මත්පැන් බෝතලය මිල රුපියල් 150කින් ඉහළ දමා ඇති බවයි එම සමාගම සඳහන් කරන්නේ.
එසේම අනෙක් මත්පැන්වල මිල ගණන් ද ඉහළ දමා ඇති බව එම සමාගම වැඩිදුරටත් සඳහන් කරනවා.
මේ අතර දුම්වැටි වර්ග දෙකක මිල රුපියල් 5 කින් ඉහළ දැමීමටද අදාළ සමාගම් තීරණය කර තිබෙනවා.