කඩුලු රකින පිතිකරු නිරෝෂන් දික්වැල්ල සහ වේගපන්දු යවන්නන් වන අසිත ප්‍රනාන්දු සහ මතීෂ පතිරණ, ඕස්ට්‍රේලියාවේ පුහුණුවීම් සඳහා යැවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.
ශ්‍රී ලංකා සංචිතයේ ප්‍රධාන ක්‍රීඩකයින් 5 දෙනෙකු මේවන විට ආබාධවලට ලක්ව ඇති අතර ඩිල්ෂාන් මධුශංක, දුෂ්මන්ත චමීර සහ දනිෂ්ක ගුණතිලකට තරගාවලිය සම්පූර්ණයෙන්ම අහිමිවී තිබෙනවා.
ප්‍රමෝද් මධුෂාන් සහ පැතුම් නිශ්ශංකද ආබාධවලට ලක්වූ අතර අයර්ලන්තය සමඟ පැවති තරඟයේදී ඔවුන් දෙදෙනාව විවේක ගැන්වීමට කටයුතු කර තිබුණා.