මගීන් 68 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 4 දෙනෙකු සමඟ නේපාලයේ පොකාරා ජාත්‍යන්තර ගුවන් තොටුපල ආසන්නයේදී මගී ගුවන් යානයක් කඩා වැටී තිබෙනවා. එය “Yeti Airlines” ආයතනයට අයත් ගුවන් යානයකි. ගලවා ගැනීමේ මෙහෙයුම් දැනටත් ක්‍රියාත්මක වනවා. ගුවන් තොටුපළ මේ වනවිට වසා දමා ඇති බවට පුවත් වාර්තා කරනවා.
පොකාරා (Pokhra) යනු නේපාලයේ කත්මන්ඩු අගනුවර සිට කිලෝමීටර් 200 ක් පමණ දුරින් පිහිටි නගරයකි.
නේපාල හමුදා ආරංචි මාර්ග පැවසුවේ, Kaski දිස්ත්‍රික්කයේ Pokhara හි Yeti Airlines ATR-72 අනතුරට පත් ස්ථානයෙන් ගලවා ගැනීමේ කණ්ඩායමක් විසින් මළ සිරුරු 16ක් ගොඩ ගෙන ඇති බවයි.


තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.