දැනට පවතින පොලිස් ආඥා පනතෙහි අඩු පාඩු හදුනා ගෙන එය වර්තමානයට ගැළපෙන පරිදි සංශෝධනය කිරීම පිළිබදව සාකච්ඡාවක් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ සහ මහජන ආරක්ෂක ටිරාන් අලස්ගෙන් ප්‍රධානත්වයෙන් පවත්වා තිබෙනවා.
එහිදී පොලිස් ආඥා පනතෙහි අඩු පාඩු හදුනා ගැනීම සදහා පොලිස් දෙපාර්තමේන්තුව විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකුගේ ප්‍රධානත්වයෙන් කමිටු තුනක් පත් කර ඇති අතර, එම කමිටු විසින් ලබා දෙන නිර්දේශ හා 2017 වසරේ දී පොලිස් ආඥා පනත සංශෝධනය කිරීම සදහා සකස් කළ කෙටුම්පත ද සැළකිල්ලට ගනිමින් නව පනත් කෙටුම්පත සකස් කිරීමට නියමිතයි.
Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.