ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ව්‍යවස්ථාවට අනුව කටයුතු නොකළහොත් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර පාපන්දු තහනමක් පනවන බවට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය අනතුරු ඇඟවීමක් සිදුකර තිබෙනවා.
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය මෙම අනතුරු ඇඟවීම සිදුකර ඇති බවයි සඳහන් වන්නේ.
ඒ අනුව පන්දු නිලවරණය සම්බන්ධයෙන් සිදුකෙරෙන බාහිර මැදිහත්වීම් පිළිබඳව ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය දැඩි විරෝධ්ය පළ කරන බවයි ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ ප්‍රධාන සාමාජික සංගම් නිලධාරි කෙනි ජීන් මාරි විසින් යොමු කළ මෙම ලිපියේ දැක්වෙන්නේ.
2022 සැප්තැම්බර් 22 සම්මත කර ගත් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ව්‍යවස්ථාවට සහ කාලරාමුවට අනුකූලව පාපන්දු සම්මේලනයේ නිලවරණය පැවැත්විය යුතු බවත් ඒ සඳහා ලබන වසරේ ජනවාරි 22 දක්වා කාලය ලබා දී ඇති අතර එසේ නොවුණහොත් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර පාපන්දු තහනමක් පනවමින් මූල්‍ය සම්බාධක පැනවීම පිළිබද සලකා බලන බවයි එම ලිපියේ වැඩිදුරටත් දැක්වෙන්නේ.
Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.