පෙබරවාරි මස 17 වනදා දක්වා කිසිදු ආකාරයක විදුලි කප්පාදුවක් සඳහා අවසර ලබා නොදෙන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.
ඒ අනුව උසස්පෙළ විභාගයට පෙනී සිටින සිසුන් 331,000 කට අධික පිරිසකගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා මෙම තීරණය ගත් බවයි එම කොමිසමේ සභාපති ජනක රත්නායක සඳහන් කරන්නේ.
එම කාලසීමාව තුළදී විදුලි කප්පාදුවක් සිදුවන්නේ නම් එය අනවසර සහ නීතිවිරෝධී ලෙසට සලකන බවයි මහජන උපයෝගීතා කොමිසම වැඩිදුරටත් සඳහන් කරන්නේ.