අද (01) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල අඩු කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 40/- කින් අඩු කර ඇති අතර නව මිල රු.410/- වනවා.
එමෙන්ම ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 30/- අඩු කර ඇති අතර නව මිල රු.510/- වනවා.
CEYPETCO සහ ලංකා IOC පිරවුම්හල් සියල්ලේම අද මධ්‍යම රාත්‍රියේ සිට මෙම මිල අඩු කිරීම ක්‍රියාත්මකයි.