පාසල් සිසුවෙකුට ලබාදීමට සැලසුම් කර ඇති ආහාර ප්‍රමාණය වැඩි කළ යුතු බව තමා පිළිගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.
ඒ අනුව මේ සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡාවක් සිදුවන බවත් එය වැඩිකළ යුතු නම් අනිවාර්යෙන් වැඩිකළ යුතු බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
එසේම ත්‍රිපෝෂවල ගැටලුවක්ද තිබූ බවත් කෙසේ නමුත් එය විසඳා ගැනීම සඳහා පෞද්ගලික අංශයෙන් විශාල දායකත්වයක් ලබාදෙන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.