ගුවන් විදුලි නිවේදකයෙකු, භාෂා පරිවර්තකයෙකු මෙන්ම ප්‍රවීණ රංගන ශිල්පියෙකු වු ඇල්ෆ්‍රඩ් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වි තිබෙනවා. මිය යනවිට ඒ මහතා 93 වන වියේ පසු වුණා.
ඒ මහතා අවසන්වරට මාධ්‍ය වැඩසටහනකට එක් වුයේ ITN ප්රවෘත්ති ප්‍රකාශයේ විශේෂාංගයක් වු අමතක නැති මතක සමගයි.
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ප්රවෘත්ති නිවේදකයෙකු ලෙස පෙරේරා මහතා දීර්ඝ කාලයක් කටයුතු කළා. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ එසැණ භාෂා පරිවර්තකයෙකු වශයෙන් ද ඔහු දීර්ඝ කාලයක් කටයුතු කර තිබෙනවා. පිලිපිනයේ මැනිලා නුවර වෙරිටාස් ගුවන් විදුලි සේවයේ සිංහල අංශය භාරව කටයුතු කළ පෙරේරා මහතා ගුවන් විදුලියේ ඉතා ජනප්‍රිය විනෝද සමය වැඩසටහනේ නිර්මාතෘවරයා ද වනවා. එමෙන්ම එම වැඩ සටහනේ ආරම්භක නිවේදකයා වුයේ ද ඇල්ෆ්‍රඩ් පෙරේරා මහතායි. සිය කලා හැකියාවන් ප්‍රදර්ශනය කරමින් චිත්‍රපට ගණනාවකට රංගනයෙන් දායක වු ඔහු ටෙලි නාට්‍ය කිහිපයකට ද රංගන දායකත්වය ලබා දුන්නා. අභාවප්‍රාප්ත ඇල්ෆ්‍රඩ් පෙරේරා මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු ලබන අගහරුවාදා දලුගම දේවස්ථාන සුසාන භුමියේ දි සිදු කිරිමට නියමිතයි.
Buzzer.lk සහ Buzzer Entertainment සමඟ සම්බන්ධ වීමෙන් මෙවැනිම ආකාරයේ විනෝදාස්වාද පුවත් පිළිබඳ වැඩිදුර දැන ගන්න.