ජනතාවට විවෘත කෙරුණු දකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල වන නෙළුම් කුළුන නැරඹීම සඳහා ප්රවේශපත්ර අලෙවි කිරීමෙන් ඊයේ (15) දිනයේ රුපියල් මිලියන 2 කට අධික ආදායමක් උපයා තිබෙනවා.
ඒ අනුව පළමු දිනයේ ආදායම 2,100,000 නෙළුම් කුලුන පෞද්ගලික සමාගම සඳහන් කළේ.
ඊයේ දිනයේ නෙළුම් කුළුන නැරඹීම සඳහා පුද්ගලයින් 2612 ක පිරිසක් පැමිණ ඇති බවත් විදේශිකයින් 21 දෙනෙකු ඒ අතර වන බවයි එම සමාගම වැඩිදුරටත් සඳහන් කළේ.
සතියේ දිනවල පස්වරු 2සිට රාත්රී 11.00 දක්වාත්, සති අන්තයේ දහවල් 12.00 සිට රාත්රී 12.00 දක්වාත් නෙළුම් කුළුන නැරඹීමට අවස්ථාව ලබාදී තිබෙනවා.