වෙළෙඳපොළ තුළ නීතිවිරෝධි ලෙස අලෙවි වන මත්පැන් ක්ෂණිකව හඳුනා ගැනීම සඳහා QR පහසුකම් සහිත ජංගම දුරකථන යෙදුමක් සුරාබදු දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දී තිබෙනවා.
“EXCISE TAX STAMP VALIDATOR” නමින් නම් කර ඇති මෙම App එක ඕනෑම Android හෝ Apple ස්මාර්ට් දුරකථනයකට ලබාගැනීමෙන් අනතුරුව, ඒ හරහා මත්පැන් බෝතලයේ ඇති QR කේතය scan කර එහි විස්තර පරීක්ෂා කිරීමේ හැකියාව පවතිනවා.
යම් QR කේතයක් scan කර විස්තර ලබාගත නොහැකි නම්, ඒ පිළිබඳව අදාළ App එක ඔස්සේම සුරාබදු දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමේ හැකියාවද ලබාදී තිබෙනවා.
අදාළ App එක පහතින් ලබාගත හැකියි.