අපි එදිනෙදා ප්‍රයෝජනයට ගන්නා කුළුබඩු අත් බෙහෙත් වශයෙන්ද ප්‍රයෝජනයට ගත හැකි බව වැඩි දෙනෙක් දන්නේ නැහැ. පැරණි සමාජයේදී නම් කෙනෙකුට කුමක් හෝ රෝගයක් හැදුනු පසු අත් බෙහෙතක් හෝ සරල ප්‍රතිකාරයක් අම්මාගේ දැනුමෙන් සිදුකර සුව වුණේ නැත්නම් අසාධ්‍යම අවස්ථාවකදී තමයි වෛද්‍යවරයෙකු හමු වන්නේ. අද වන විට බොහෝ මේ පිළිබඳ හරිහැටි අවබෝධයක් නැහැ. නමුත් මුළුතැන්ගෙයි තියෙන කුළු බඩු බෙහෙත් ලෙස ප්‍රයෝජනයට ගන්නේ කොහොමද කියලා මේ ලිපියෙන් බලමු.
කරාබු නැටි

උදරය පුරවා දැමීම ආහාර අරුචිය වගේ තත්ත්වයන් නිසා සිරුර නිතරම අපහසුතාවයට පත්වෙනවා. එවිට බඩගින්න නොදැනෙන අතර ඇතැම් විට හුස්ම ගැනීම අපහසුවීම පවා සිදු වෙනවා. මේ සඳහා කරාබුනැටි තුන හතරක් තලා උණු ජලයට දමා තැම්බීමෙන් පසු සීනි මිශ්‍ර කර පානය කරන්න. කරාබුනැටි නිසා හොඳින් බඩගිනි ඇති කරන අතර හොඳින් ආහාර දිරවීමද සිදු කරනවා. විශේෂයෙන්ම අක්මාව තුළින් එන ආහාර ජීරණය කිරීමේ ශ්‍රාවය පිට කරනවා. එසේම උදරය පුරවා දැමීමට හේතු වන ආහාර සමහර බැක්ටීරියා නිසා පල්වීමකට ලක්වී තිබේනම් එම බැක්ටීරියාව විනාශ කිරීමේ හැකියාව කරාබුනැටි සතු වෙනවා. කරබු කුළුබඩුවක් ලෙස මුලුතැන්ගේ භාවිතා කරන්නේ මස් මාළු වැනි ව්‍යාජ පිසීමේදී.
සුදුරු

මුළුතැන්ගෙයි ඇති තවත් ඖෂධයක් තමයි සුදුරු කියන්නේ. මෙයටද කුසගින්න හොඳින් වර්ධනය කිරීමේ හැකියාව තියෙනවා. අජීර්ණයකදී උදරයේ වේදනාව ඇති විට දියර වශයෙන් මලපහ පිට වන විට අවස්ථාවකදී සූදුරු කබලේ බැඳ ජලයට දමා තම්බා පානය කිරීම හොඳ ඖෂධයක්. දියර මලපහ අධික වශයෙන් පිටවෙන විට සූදුරු කබලේ බැද කුඩුකර තේ හැන්දක ප්‍රමාණයක් ගෙන මී පැණි සමඟ මිශ්‍ර කර කෑමට ලබා ගැනීමත් ඉතාම හොඳයි. ගර්භාෂය සංකෝචනය කරන ගුණයකින්ද මෙම සුදුරු සමන්විත වෙනවා. ඒ නිසා මාස් ශුද්ධිය නිසා අධික වේදනාව තිබෙන විට සුදුරු තම්බා පානය කිරීමත් ගුණදායකයි. ඒ වගේම මෙය බැක්ටීරියා නාශකයක් වශයෙන් භාවිතා කළ හැකි. ඒ නිසා ඉදිමුම රතුවීම සුව කිරීමට සමත් ද්‍රව්‍යයක් වෙනවා. සුදුරු සීතල ජලයෙන් අඹරා මුහුණේ ආලේප කිරීමෙන් කුරුලෑ සුව වන බව ඔබ දැන සිටියාද.
දෙහි යුෂ

අද සමාජයේ බොහෝ දෙනෙක් නිතරම වාගේ අජීරණ තත්වයන්ගෙන් පෙලෙනවා. ඒ නිසා දෙහි ඇඹුල් සහ මී පැණි තේ හැදි බාගය බැගින් ගෙන මිශ්‍රකර පානය කිරීම ගුණදායකයි. මේ නිසා උදරයේ වේදනාව අඩු වෙනවා. දියර වශයෙන් අධිකව මළපහ පිටවීම සීමා කරනවා. අජීර්ණයකදී හොඳින් ආහාර දිරවන්නේ නැති නිසා දෙහි යුෂවලින් එම තත්ත්වය නැතිකර දමනවා. (aayubo)
එහෙමනම් මේ ආටිකල් එක ෂෙයාර් කරන ගමන් ඔබේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එක ඒ පළ කරන්නත් අමතක කරන්න එපා.
Buzzer.lk සහ Buzzer Lifestyle සමඟ සම්බන්ධ වීමෙන් තවත් මෙවැනිම විස්තර දැන ගන්න.