පාසල් දරුවන් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා සත්වෝද්‍යානය නොමිලේ නැරඹීමට දෙසැම්බර් 23 සහ 24 අවස්ථාව ලබාදෙන බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව 23 වන දින පාසල් දරුවන්ට සත්වෝද්‍යානය නොමිලේ නැරඹීමට අවස්ථාව ලබා දී ඇති අතර එදිනට ‘පාසල් දරුවෝ පරිසර නියමුවෝ’ යන තේමාව යටතේ එම දරුවන් වෙනුවෙන් විශේෂ වැඩසටහන් ද සංවිධානය කර ඇති බවයි සඳහන් වන්නේ.
එසේම 24 වන දින වයස අවුරුදු 60 වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සත්වෝද්‍යානය නොමිලේ නැරඹීම සඳහා අවස්ථාව ලබා දි ඇති බවයි සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.