ගල් අඟුරු නොමැති වීම නිසා ඔක්තොම්බර් මාසයේ දීර්ඝ විදුලි කප්පාදුවක් සිදුකිරීමට මීට පෙර අපේක්ෂා කළත්, දැන් එම අවශ්‍යතාවය නොමැති බව මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ ලබන වසරේ ජනවාරි මාසය තෙක් දීර්ඝ විදුලි කප්පාදුවක අවශ්‍යතාවයක් ඇති නොවනු ඇති බවයි.
නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ බිඳ වැටී තිබූ ජනන යන්ත්රයන් යථා තත්ත්වයට පත්කොට සඳුදා (03) පමණ විට ජාතික පද්ධතියට එකතු කිරීමට හැකියාවක් ලැබෙනු ඇති බවද සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවා.