පවතින අයහපත් කාලගුණ තත්ත්වය සමඟ දිස්ත්රික්ක කිහිපයක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මොනරාගල, නුවරඑළිය සහ රන්නපුර දිස්ත්රික්ක සඳහා අදියර 1 සහ 2 මට්ටමේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ.
එසේම බදුල්ල දිස්ත්රික්කයේ පස්සර ප්රාදේශීය ලේකම් කොට්ඨාසට 03 වන මට්ටමේ නායයෑම් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,

