දිවයින හරහා ගමන් කරමින් පැවති පීඩන අවපාතය ඊයේ දින (02) රාත්‍රියේ අඩු පීඩන කලාපයක් බවට පත් වී දිවයිනෙන් ඉවතට ගමන් කර ඇති බවත් එබැවින් අද දිනයේ (03) සිට දිවයිනේ කාලගුණයට එහි බලපෑම අඩුවනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
දකුණු පළාතේ උදෑසන කාලයේදීද වැසි ස්වල්පයක් ඇති විය හැකි අතර බස්නාහිර, සබරගමුව, වයඹ, ඌව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මි. 50ක ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවත් එහි වැඩිදුරටත් සඳහන්.