දිවයිනේ බොහෝ ප්‍රදේශ වල අද (17) ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මධ්‍යම, සබරගමුව, ඌව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල, මාතර, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
සුළං ඊසාන දෙසින් හමා එන අතර සුළඟේ වේගය පැයට කිලෝ මීටර 20 ත් 30ත් අතට අගයක පැවතීමට ඉඩකඩ ඇත.
මන්නාරම සිට පුත්තලම හරහා කොළඹ දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝ මීටර 40 සිට 50 දක්වා වැඩිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.