අද (29) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ඌව සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ නුවර එළිය දිස්ත්‍රික්ක වලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
බස්නාහිර පළාතේත් නුවර දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.
දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින අතර සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල උදෑසන කාලයේ මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.