දිවයිනේ උතුරු, උතුරුමැද, ඌව සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ වර්ධනය වීමක් අද දින සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
නැගෙනහිර සහ ඌව පළාත්වලත්, පොළොන්නරුව, මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බවත් එම නිවේදනයේ සඳහන්.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවර, නුවර එළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.