2023 අයවැය ඔස්සේ ඉදිරිපත් කළ ත්‍රෛලෝක විජය පත්‍ර යෝජනාව ඉතාමත් ප්‍රායෝගික එකක් බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලමණාකාර පිඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මිල්ටන් රාජරත්න පවසනවා.
මෙම ශාකයෙන් ලෝකයේ බොහෝ රටවල් විශාල ප්‍රයෝජන ගන්නා බව පෙන්වා දෙන මහාචාර්යවරයා කියා සිටින්නේ විශාල වශයෙන් ආදායම් උපයා ගැනීමටත් මෙය යොදා ගන්නා බවයි.
මත් වීම සඳහා පමණක් නොව ඖෂධ සඳහා විශාල වශයෙන් මෙය භාවිත කරන බවත් මේ මගින් මාස ගණනක් තුළ වගා කොට ඉතාමත් කෙටි කාලයකින් විශාල ඉපැයීමක් කළ හැකි බවයි ඔහු වැඩිදුරටත් කියා සිටින්නේ.