2022 අගෝස්තු මාසය වන විට සමස්ත ජල පාරිභෝගිකයින්ගෙන් රුපියල් මිලියන 7,200 ක හිඟ මුදලක් අයවීමට ඇති බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව එම හිඟ මුදලින් රුපියල් මිලියන 5000 ක් අයවිය යුත්තේ ගෘහ පාරිභෝගිකයින්ගෙන් බවයි එහි නිලධාරීන් සඳහන් කරන්නේ.
රුපියල් 5000 ට වඩා හිඟ මුදල් ඇති වසරක් තුළ කිසිඳු ගෙවීමක් නොකළ 18,000 ක් පමණ සිටින බවත් ඔවුන්ගෙන් රුපියල් මිලියන 360 ක හිඟ මුදලක් ඇති බවද ඔවුන් පවසනවා.
අමාත්‍යවරුන්ගේ හිඟ මුදල් රුපියල් මිලියන 12 ක පමණ ප්‍රමාණයක් ඇති බවත් ඔවුන්ගේ නිල නිවාස ගිවිසුම් අලුත් කිරීමට පැමිණීමේදී හිඟ මුදලක් ඇත්නම් මාස දෙකක් තුළ ජල සැපයුම විසන්ධි කරන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා උපදෙස් ලබාදී ඇති බවයි ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ.