ශ්‍රී ලංකාව මුහුණදී ඇති ණය අර්බුදය හමුවේ තමන්ගේ කාර්යභාර්යය කිරීමට ජපානය සූදානම් බව එරට මුදල් අමාත්‍ය ෂුනිචී සුසුකි පවසනවා.
කෙසේ වෙතත් චීනය හා ඉන්දියාව වැනි අනෙකුත් ණය හිමියන්ද එය විසඳීමට දායකවිය යුතු බවයි ඔහු සඳහන් කර තිබෙන්නේ.
පිලිපීනයේ මැනිලා නුවර පැවැත්වෙන ආසියානු සංවර්ධන බැංකුවේ රැස්වීමට සහභාගීවෙමින් ඔහු මේ බව සඳහන් කර තිබෙනවා.
ශ්‍රී ලංකාව ණය අර්බුදය සම්බන්ධයෙන් පූර්ව කොන්දේසි සපුරා ඇත්නම් ජපානය කිසිඳු පැකිලීමකින් තොරව ශ්‍රී ලංකාවට උපකාර කරන බවයි ජපාන මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.