එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ නියෝජිතයින් සහ දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
තිරසාර සංවර්ධන ඉලක්ක සපුරාලීම සඳහා වගවීම ආදී කරුණු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වී ඇත. විනිවිදභාවය රටක පාලනය ශක්තිමත් කරන බැවින් ශ්‍රී ලංකාවේ ජාතික ඇගයීම් ධාරිතා සංවර්ධනයට සහාය වීමට UNFPA කැපවී සිටින බව එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ නියෝජිතයින් පැවසූ බව රුවන් විජයවර්ධන මහතා කීය.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතාද මෙම හමුවට සහභාගී විය. ජාතික ඇගයීම් ප්‍රතිපත්තියක් නිල වශයෙන් අනුමත කළ දකුණු ආසියාවේ පළමු සහ එකම රට ශ්‍රී ලංකාවයි. (ලංකාදීප)
Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.