එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පස් දෙනකුගෙන් සමන්විත එජාප නියෝජිත කණ්ඩායමක් චීන කොමියුනිස්ට් පක්ෂයේ (CPC) ආරාධනයකට අනුව චීනයේ සංචාරයක් සඳහා පිටත්ව ගියහ.
දිළිඳුකම පිටුදැකීම, ග්‍රාමීය සංවර්ධනය, රාජ්‍ය අංශයට පෞද්ගලික අංශයේ මැදිහත්වීම යන මාතෘකා පිළිබඳව සංචාරයේදී මෙම නියෝජිත කණ්ඩායමට වැඩිදුරටත් හැදෑරීමට අවස්ථාව හිමිවේ.
රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයින් 10 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක්ද මෙම අවස්ථාවට එක්ව සිටිති. (ලංකාදීප)

Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.