වර්තමානයේ රට මුහුණ දී ඇති ආර්ථික අර්බුදය හමුවේ තේ අපනයනයෙන් ලැබෙන ආදායම මසක් ඇතුළත මෙරටට ගෙන්වීමට කටයුතු කිරීම වැදගත් බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.
කොළඹ තේ වෙළෙඳුන්ගේ සංගමයේ මහ සභාව අමතමින් මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ. අපනයන සම්බන්ධ ව්‍යාපාරයක් සිදුකිරීමේදී එම ආදායම රටට ගෙන ඒමට දින 180 ක කාලයක් ලබාදෙන බවයි.
එසේ වුවත් රටේ ගෙවුම් ශේෂ අර්බුදයක් ඇති අවස්ථාවක විදේශයන්හි මිලදී ගැනීම් සඳහා දින 180ක කාලයක් ඔවුන්ට ණයක් ලබාදෙන බවට එයින් අදහස් නොවන බවයි මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ.
අපනයනයන් සිදුකරනවා නම් මසක් ඇතුළත මුදල් ගෙනඒම සිදුකළ යුතු අතර ඒ සඳහා පරිපාලන ක්‍රියාමාර්ග ඉදිරිපත් කිරීමට තමන් පුද්ගලිකව අකමැති බවත් මේ සඳහා පෙළඹවීමට පමණක් තමාට අවශ්‍ය බවයි මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.