ඉදිරි මහ කන්නයේදී හෙක්ටයාර දෙකහාමාරකට අඩුවෙන් වගා කරන ගොවීන් සඳහා යූරියා කිලෝග්‍රෑම් 50 ක පොහොර මිටියක් නොමිලේ ලබාදෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
ඒ අනුව වියලි කලාපයේ සහ අතරමැදි කලාපයේ ගොවීන් සඳහා මෙය ලබාදීමට ඉලක්ක කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
එසේම සියලු ගොවීන්ට මෙම කන්නයේ නොමැති වුවද ඊළඟ කන්නයේ සිට හෝ පොහොර සහනාධාරය නොමිලේ ලබාදීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.