අනවශ්‍ය ලෙස රන් භාණ්ඩ පැළඳ ජාවාරම් කිරීමේ අරමුණින් ගුවන් මගීන් ලෙස මෙරටට පැමිණෙන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
ඒ අනුව ආනයන අපනයන පාලක ජනරාල්වරියගේ අවසරයකින් තොරව කැරට් 22ට වැඩි රන් භාණ්ඩ පැළඳ ගුවන් මගීන්ට මෙරටට පැමිණීම අත්හිටුවන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ.
ගුවන් මගීන්ට පැළඳ පැමිණිය හැකි රන් භාණ්ඩවල ප්‍රමිතියක් හෝ සීමාවක් නොමැතිවීමේ අවසරය භාවිත කරමින් දෛනිකව රත්රන් කිලෝග්‍රෑම් 50ක් පමණ ජාවාරම්කරුවන් විසින් මෙරටට රැගෙන එන බවට තොරතුරු අනාවරණය වී ඇති බවද සඳහන්.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,
