කාන්තා පන්දුවාර විස්සයි විස්ස 2023 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ 5 වැනි තරගයෙන් බංග්ලාදේශය පරදා කඩුලු 7 ක ජයක් වාර්තා කිරීමට ශ්රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා. තරගය ජය ගැනීම සදහා ලකුණු 127 ක ඉලක්කයක් හඹා ගිය ශ්රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 18.2 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී සිටියදී සිය ජයග්රාහී ඉලක්කය පසුකර ගියා.
තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 8 ක් දැවී ලකුණු 126 ක් රැස් කළා. පිළිතුරු ඉනිම ක්රීඩා කළ ශ්රී ලංකා කණ්ඩායම වෙනුවෙන් චමරි අතපත්තු ලකුණු 15 කට සහ විශ්මි ගුණරත්න එක් ලකුණකට දැවීගිය අතර හර්ෂිතා සමරවික්රම හා නිලක්ෂි ද සිල්වා සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 79 කින් නොබිදුණු ලකුණු 104 ක සම්බන්ධතාවයක් ගොඩ නැගීමට සමත් වුණා. හර්ෂිතා පන්දු 50 කින් නොදැවී ලකුණු 69 ක් රැස් කළේ හයේ පහරක් හා හතරේ පහර 8 ක් සමගින්. නිලක්ෂි නොදැවී ලකුණු 41 (38) යි.
මෙම ජයත් සමග ශ්රී ලංකා කාන්තා කණ්ඩායම පළමු කාණ්ඩයේ පෙරමුණට පැමිණියේ මෙතෙක් ක්රීඩා කළ තරග දෙකම ජය ගනිමින්.
Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.