කුරුණෑගල දක්වා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක ගමන් ගත් හතළිස් හැවිරිදි කාන්තාවකට බස් රථය තුළදී ලිංගික අතවරයක් සිදු කළේ යැයි කියන නාවික හමුදා සෙබලෙකු ඊයේ 15 වෙනිදා සැකපිට අත්අඩංගුවට ගත් බව පොතුහැර පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් 26 හැවිරිදි සැකකාර සෙබළා ත්රිකුණාමලය ප්රදේශයේ නාවික හමුදා කඳවුරක රාජකාරි කරන අයෙකි.
කාන්තාවට සිදු වූ බව පැවසෙන ලිංගික අතවරය ගැන පොතුහැර පොලිසිය දැනුවත් කිරීමෙන් පසු පොලිස් කණ්ඩායමක් මල්පිටිය ප්රදේශයේදී බස් රථය නතර කරගෙන සැකකාර සෙබළා අත්අඩංගුවට ගන්නා ලදැයි පොලිසිය පවසයි. ලිංගික අතවරයකට පත් වූයේ යැයි කියන කාන්තාව පොලීසියට කළ ප්රකාශය අනුව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
කුරුණෑගල කොට්ඨාශය භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි අධිකාරි උපුල් චන්දන අබේසිංහ මහතාගේ උපදෙස් මතපොතුහැර පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නීතිඥ ප්රදීප් මහතාගේ ප්රධානත්වයෙන් සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි. (ලංකාදීප)