එළඹෙන පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලිය සදහා වන ශ්රී ලංකා සංචිතය ශ්රී ලංකා ක්රිකට් ආයතනය විසින් අද (16) ප්රකාශයට පත් කර තිබෙනවා.
දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්රීඩකයින් 15 දෙනෙකු ඇතුළත් අතර තිරේක ක්රීඩකයින් 5 දෙනෙකු ද නම් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා.
පිතිකරුවන් ලෙස පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, ධනුෂ්ක ගුණතිලක, භානුක රාජපක්ෂ හා නායක දසුන් ශානක සංචිතයට ඇතුළත් කර ඇති අතර තුන් ඉරියව් ක්රීඩකයින් ලෙස වනිදු හසරංග, චාමික කරුණාරත්න හා ධනංජය ද සිල්වා සංචිතයට නම් කර තිබෙනවා.
ආබාධ හේතුවෙන් ආසියානු කුසලාන තරගාවලියට ක්රීඩා නොකළ දුෂ්මන්ත චමීර හා ලහිරු කුමාර මෙන්ම ආසියානු කුසලාන තරගාවලියේ දී දක්ෂතා දැක් වූ ඩිල්ෂාන් මදුෂංක හා ප්රමෝද් මදුෂාන් යන ක්රීඩකයින් ද සංචිතයට නම් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා.
අදාළ සංචිතය පහතින්.
