ශ්‍රී ලංකාව අභ්‍යන්තර හා බාහිර වශයෙන් මුහුණදෙන අභියෝග මෙරට තුළ නව දේශපාලන සමාජ හා ආර්ථික ප්රතිසංස්කරණයකට අවස්ථාවක් කරගන්නා බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි පවසනවා.
ඒ අනුව ඒ සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාවේ සහයෝගය ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 77 වැනි සැසිවාරය අමතමින් විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මේ බව සඳහන් කර තිබෙනවා.
අවසන් වරට පැවති එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩල සැසිවාරයෙන් පසු කාලය තුළ ශ්‍රී ලංකාවේ සැලකිය යුතු වෙනස්කම් රාශියක් සිදුව ඇති බවත්, අනාගතය සඳහා තම සාමූහික දැක්ම සාක්ෂාත් කර ගැනීමට මෙය සුදුසුම අවස්ථාව බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.