ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතීන්ගේ නියෝජිත පිරිසක් ඊයේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී හමුවිය. එක්සත් ජාතීන්ගේ නියෝජිත පිරිසට ආසියා-පැසිෆික් කලාපීය අධ්යක්ෂ, එක්සත් ජාතීන්ගේ සංවර්ධන සම්බන්ධීකරණ කාර්යාලය (UNDCO) ඩේවිඩ් මැක්ලච්ලන්-කාර්, එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නේවාසික සම්බන්ධීකාරක හනා සිංගර් සහ නේවාසික සම්බන්ධීකාරක කාර්යාලයේ කණ්ඩායම් නායක සහ උපායමාර්ගික සැලසුම් නිලධාරී ඇන්ඩ්‍රියාස් කාර්පති ඇතුළත් විය.

