පසුගිය දිනවල පැවැති අයහපත් කාලගුණික තත්ත්වය නිසා උතුරු නැගෙනහිර පළාත් දෙකෙහි මියගිය සත්වයින් සම්බන්ධයෙන් වන විමර්ශන වාර්තාව පේරාදෙණිය සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් කෘෂිකර්ම අමාත්‍යවරයාට ලබා දී තිබෙනවා.
ඒ අනුව මෙම සතුන් මියයාමට හේතුව වසංගත තත්ත්වයක් නොව හුදෙක් අධික සීතල නිසා ඇති වූ කම්පන තත්ත්වය බවට සනාථ වී ඇති බවයි එම වාර්තාව මඟින් පෙන්වා දී තිබෙන්නේ.
උතුරු නැගෙනහිර පළාත්වල සතුන් දැඩි උණුසුම් කාලගුණික තත්ත්වයට හුරුවී සිටින නිසා හදිසියේ සිදුවූ කාලගුණික වෙනස්කම් නිසා ඇති වූ අධික සීතලට එම සතුන්ට ඔරොත්තු දීමට අපහසු වන්නට ඇති බවයි සඳහන් වන්නේ.
පසුගියදා උතුරු නැගෙනහිර පළාත් දෙකෙහි එළ ගවයින්, මී ගවයින් හා එළුවන් 1,660ක් පමණ මේ හේතුවෙන් මියගොස් තිබුණා.