Tesla සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඊලෝන් මස්ක් විසින් Twitter සමාජ ජාලයේ හිමිකාරීත්වය ලබාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඇමෙරිකානු ඩොලර් බිලියන 44 ක් වැයකරමින් Twitter ආයතනයේ බහුතර කොටස් මිලදීගැනීම හරහා ඔහු මෙලෙස එහි හිමිකාරීත්වය තතවුරු කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
එමෙන්ම සිය අයිතිය තහවුරු කරගත් පසු ඊලෝන් මස්ක් විසින් එම ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරිවරයා සහ ප්‍රධාන මූල්‍ය නිලධාරියා සේවයෙන් ඉවත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.