මෙරට සංචාරයක නිරත වී සිටින අමෙරිකාවේ ආසියානු කලාපීය නියෝජ්‍ය සහකාර ලේකම් රොබට් කප්‍රෝත්, භාණ්ඩාගාර ලේකම්වරයා සහ මහ බැංකු අධිපතිවරයා හමුවී තිබෙනවා.

ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මේ වන විට ඇති කරගෙන ඇති කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම පිළිබඳව මෙහිදී සාකච්ඡා වී ඇති බවයි මෙරට අමෙරිකානු තානාපතිනි ජූලී චන්ග් සඳහන් කළේ.

මෙරට මූල්‍ය අර්බුදය සම්බන්ධයෙන් ගත හැකි තිරසාර විසඳුම් සහ ආර්ථිකය ගොඩනැගීමට ශ්‍රී ලංකාව දරන උත්සාය පිළිබඳව ද මෙහිදි දීර්ඝ වශයෙන් සාකච්ඡා වු බවද Twitter පණිවිඩයක් නිකුත් කරමින් ඇමෙරිකානු තානාපතිනිය වැඩිදුරටත් සඳහන් කළා.

Share.
Leave A Reply

Exit mobile version