ලෝක නගර දිනය සමගාමීව සෑම සිකුරාදා දිනකම පාපැදියෙන් සේවයට පැමිණීමට දිරිමත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ලබන සිකුරාදා සිට සතියේ සෑම සිකුරාදා දිනකම පාපැදියෙන් සේවයට වාර්තා කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන අතර ඊට අදාළ පහසුකම් සැලසීමට පියවර ගන්නා බව නාගරික සංවර්ධන අධිකාරිය සඳහන් කරනවා.

සෞඛ්‍ය සම්පන්න නගර වැසියන් බිහිකිරීම, වාහන තදබදය අවම කිරීම සහ ප්‍රධාන පාරවල් වලට අමතරව අතුරු පාරවල් ජනතාව අතර ප්‍රචලිත කිරීම මෙම වැඩසටහනේ අරමුණ බවයි නාගරික සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේ.

Share.
Leave A Reply

Exit mobile version