පවතින අසීරු අවස්ථාව හමුවේ පිරවුම්හල් වෙත ඉන්ධන බෙදාහැරීම අත්හිටුවා ඇති බව සීමාසහිත ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම පවසනවා.

ඒ අනුව අද (28) සිට අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් ඉන්ධන නිකුත් කරන බවයි එම සමාගම වැඩිදුරටත් සඳහන් කළේ.

ලබන ජූලි 10 වැනිදා දක්වා අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ඉන්ධන නිකුත් කිරීමට රජය තීරණය කළ බව ඊයේ (27) මාධ්‍ය හමුවකට එක් වෙමින් බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා සඳහන් කළා.

Share.
Leave A Reply

Exit mobile version