“ඉටුකම කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල” වසා දැමීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව කොවිඩ්-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල නමින් ලංකා බැංකුවේ ආයතනික ශාඛාවේ පවත්වාගෙන යනු ලැබූ නිල බැංකු ගිණුම ඔක්තෝබර් මස 18 වන දිනෙන් පසු ක්‍රියාත්මක නොවන බවයි එහි ලේකම් ආචාර්ය තාරක ලියනපතිරණ සඳහන් කළේ.
මේ හේතුවෙන් එම ගිණුම සඳහා මුදල් බැර නොකරන ලෙසත්, එම ගිණුමට බැර කිරීම සඳහා තවදුරටත් චෙක්පත් හා මුදල් ජනාධිපති කාර්යාලය වෙත යොමු නොකරන ලෙසයි නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
කොවිඩ් අරමුදල සඳහා රුපියල් 2,207,164,785.58 ක් පරිත්‍යාගශීලීන්ගෙන් ලැබී තිබෙනවා.
2022 ඔක්තෝබර් 18 වැනිදා වන විට කොවිඩ් අරමුදලේ ඉතිරිව ඇති මුදල් ප්‍රමාණය රුපියල් 216,877,431.05 ක් වන අතර එය ජනාධිපති අරමුදලට බැර කිරීමට කටයුතු කර තිබෙනවා.
