රුධිරය කැටිගැසීම අඩු කිරීමට ගන්නා ඇස්ප්‍රින් ඖෂධය මාස 04ක පමණ කාලයක් තිස්සේ මෙරට නොමැති බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
එහි ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර කියා සිටියේ හෘද රෝගීන්ට, අංශභාගය සහිත රෝගීන්ට, දියවැඩියාව වැනි රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා එම ඖෂධ භාවිත කරන බවත් ඖෂධ නොමැති වීම නිසා එම රෝගීන්ගේ ජීවිත අවදානමකට පත්ව ඇති බවයි.
රට තුළ පවතින ඖෂධ හිඟය තවදුරටත් පැවතියහොත් වළක්වාගත හැකි මරණ සංඛ්‍යාව ඉහළ යනු ඇති බවටද එම සංගමය අනතුරු අඟවා සිටියා.