ඔස්ට්‍රේලියානු දඟපන්දු යවන ක්‍රීඩක ඇඩම් සම්පා ට කොවිඩ් 19 රෝගය ආසාදනය වී තිබෙනවා.
ඒ අනුව ඔහුට T20 ලෝක කුසලානයේ අද (25) ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත තරඟය සඳහා ක්‍රීඩා කිරීමට නොහැකි වීමේ අවදානමක් මතුව ඇති බවයි සඳහන් වන්නේ.
ICC රෙගුලාසිවලට අනුව කොවිඩ් 19 රෝගය ආසාදනය වූ ක්‍රීඩකයෙකුට වුව ද මෙවර ලෝක කුසලානයේ දී ක්‍රීඩා කිරීමේ අවස්ථාව පවතිනවා.
කෙසේ නමුත් ඇඩම් සම්පා අද තරඟයට සහභාගී වනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි වාර්තා වන්නේ.