අමෙරිකා එක්සත් ජනපදය USAID සංවිධානය හරහා ශ්‍රී ලංකාවට වසර 5ක කාලයක් පුරා අතිරේක ඇස්තමේන්තුගත ඩොලර් මිලියන 65ක ආධාර ලබාදෙන බව මෙරට අමෙරිකානු තානාපතිවරිය පවසනවා.
ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ USAID දූත මණ්ඩල අධ්යක්ෂ ග්‍රේබියෙල් ග්‍රෝ මෙරට මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන අත්සන් කරන ලද සංවර්ධන අරමුණු සහාය ගිවිසුම (DOAG) යටතේ මෙම ආධාර පිරිනමන බවයි සඳහන් වන්නේ.
මෙම ආරාධය පසුගිය සතියේ ප්‍රකාශයට පත්කළ අමෙරිකානු ඩොලර් මිලියන 60කට අධික නව මානුෂීය සහ පොහොර ආධාරවලට අමතරව සපයා දෙන බව වැඩිදුරටත් සඳහන් වන්නේ.