වර්තමානය වන විට අසල්වැසි ඉන්දියාව ඇතුළු විවිධ රටවල්වලින් ලංකාවට මෙලෙස ආධාර ලැබෙන්නේ තමන් මුදල් අමාත්‍යවරයා ලෙස සිටි කෙටි කාලය තුල සිදුකළ කාර්යභාර්ය නිසා බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ පවසා සිටිනවා.
මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් උදෑසන පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
තමන්ට විදෙස්ගත වීමේ උවමනාවක් තවමත් නැති බවත් මෙසේ තමන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත්විමට තීරණය කෙරුණේ 21 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා ද්විත්ව පුරවැසි භාවයට එරෙහිව පැනවෙන නීතිය නිසා බවත් යැයි වැඩි දුරටත් ඉස්මතු කරමින් පැවසීය.
රාජ්‍ය පාලනය හා දේශපාලනය යනු දෙකක් බව දැන් ඉතා හොඳට අවබෝධවී ඇති බව හිටපු මන්ත්‍රීවරයා එහිදී සඳහන් කර සිටියේය. තමන්ට සිදු කල යුතුව තිබුනේ දේශපාලනය බව ඔහු එම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.
කෙසේ නමුත් මේ පවතින අර්බුධකාරී තත්ත්වයේ වගකීම සියලුදෙනාටම පැටවෙන බවත් තම පක්ෂයට විශාල බලයක් ලබාදී ආණ්ඩුවක් පිහිටවීමට ජන්දය ප්‍රකාශ කල ජනතාවද වගකීම භාර ගත යුතු බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ ඇඟට පතට නොදැනී ප්‍රකශ කළේය.
පසුවදන:
මෙවන් ප්‍රකාශ සිදුකරමින් බැසිල් බලාපොරොත්තු වන්නේ තවත් කල කෝලාහාල ද? බලය ඇත හැර යනවිටත් අවුලවා යන්නට මෙවන් ප්‍රකාශ කිරීම ජනතාව දැඩිව හෙලා දකිනු ඇත.