විසිවන සියවසේ මුල් භාගයේදී Vesto Slipher විසින් සර්පිලාකාර නිහාරිකා නිරීක්ෂණය කිරීමෙන් පසුව ඔහුට නිගමනය කිරීමට හැකි වූයේ නිහාරිකා කිහිපයක් හැර (ඇන්ඩ්රෝමීඩා වැනි) අනෙකුත් සර්පිලාකාර නිහාරිකා පෘථිවියෙන් ඈත් වන බවයි. 1925 දී එඩ්වින් හබල් (Edwin Hubble) විසින් ඇන්ඩ්රෝමීඩා වල සෙෆීඩ් විචල්‍ය තාරකා (Cepheid variable stars) සොයා ගැනීමත් සමග තහවුරු කළේ සර්පිලාකාර නිහාරිකා සැබවින්ම වෙනම මන්දාකිණි බවයි. මෙම ස්පන්දන තාරකා (pulsating stars) කාලයත්-දීප්තියත් අතර ඇති නීතියට එකඟ වේ. ඇත්ත වශයෙන්ම, ආලෝක විචලනය පවතින කාලය වැඩි වන තරමට තරුව දීප්තිමත්ව පවතී. එමඟින් ඒවායේ දුර තීරණය කිරීමට හැකි වේ. අනෙක් තාරකා විද්‍යාඥයින් මුලදී සැක කළ දෙය සනාථ කරමින්, ඇන්ඩ්රෝමීඩාට අපේ මන්දාකිනියේ කොටසක් වීමට නොහැකි තරම් දුරින් ඇති බව, හබල් සොයා ගත්තේය: සර්පිලාකාර නිහාරිකා ඇත්තෙන්ම වෙනම මන්දාකිණි ය.
ස්ලිෆර්ගේ (Slipher) සහ අනෙකුත් අයගේ දත්ත උපයෝගී කරගනිමින් 1927 දී ජෝර්ජස් ලෙමාට්රේ (Georges Lemaître) විසින් තාවකාලිකව තීරණය කළේ මන්දාකිනි සහ අප අතර දුර වැඩි වන තරමටම, එය අපගෙන් වේගයෙන් ඈත් වන බවයි. කෙසේ වෙතත්, ඔහු සිය පර්යේෂණ ලිපිය ප්‍රංශ භාෂාවෙන් ප්‍රකාශයට පත් කළ අතර, එනිසා එය එතරම් ප්‍රසිද්ද වුයේ නැත. හබල් විසින් ස්වාධීනව (සහ වඩා හොඳ දත්ත සහිතව) 1929 දී එම සම්බන්ධයම ප්‍රකාශයට පත් කළ අතර, වර්තමානයේ හබල් නීතිය (Hubble’s Law) ලෙස හැඳින්වෙන දේ සොයා ගැනීමේ ගෞරවය ඔහුට හිමි වේ. ඔහු මෙම නීතිය ප්‍රකාශයට පත් කළේ v = H0d සමීකරණයෙනි. මන්දාකිණියේ වේගය වන v ඇත්තේ තත්පරයට කිලෝමීටර් වලින් වන අතර d යනු මෙගාපාර්සෙක්ස් (megaparsecs) වලින් පෘථිවියේ සිට මන්දාකිණියට ඇති දුර වන අතර මෙගාපාර්සෙක් 1 ක් යනු ආලෝක වර්ෂ මිලියන 3.25 කි.

H0 යනු හබල් නියතයි (ඒකකය – km/s/Mpc). එම නියතයෙන් අදහස් කරන්නේ පෘථිවිය සහ මන්දාකිණියක් අතර ඇති සෑම මෙගාපාර්සෙක් එකක දුරකටම එම මන්දාකිනියේ වේගය (km/s වලින්) නියත අගයකින් වැඩි වන බවයි. මේ වේගය ඇත්ත වශයෙන්ම අවකාශය හරහා මන්දාකිණි ගමන් කරන වේගයක් නොව, විශ්වයේ ප්‍රසාරණය වීම මැනීමේ මිනුමකි.
මන්දාකිණි වලට ඇති දුර මැනීමේ අවිනිශ්චිතතාවයන් හේතුවෙන්, H0 වල නිවැරදිම අගය නිර්ණය කිරීම දුෂ්කර වී ඇත. හබල්ගේ දුර ගණනය කිරීම් වල දෝෂ හේතුවෙන් හබල් විසින් මුලදී H0 නියතයට 500 km/s/Mpc වටිනාකමක් පවරන ලද නමුත් තාරකා විද්‍යාඥයින් විසින් වැඩි කල් නොගොස් එය 50 km/s/Mpc ත් 100 km/s/Mpc ත් අතර අගයකට අඩු කරන ලදී.
දැනට H0 සඳහා තාරකා විද්‍යාඥයින් අතර පරස්පර විරෝධී අගයන් දෙකක් තිබේ. සෙෆීඩ් විචල්‍ය තාරකා (Cepheid variable stars) නිරීක්ෂණය කිරීමෙන් ඈත මන්දාකිණි වලට ඇති දුර හඳුනා ගැනීම සඳහා හබල් දුරේක්ෂය උපයෝගී කරගනිමින් සිදු කෙරෙන දැවැන්ත ව්‍යාපෘතිය මගින් H0 ගේ අගය 73.8 km/s/Mpc ලෙස ලබා දෙයි. නමුත් මෙම අගය ප්ලෑන්ක් (Planck) අභ්‍යවකාශ යානයේ කොස්මික් මයික්‍රෝවේව් පසුබිම (CMB – cosmic microwave background) මැනීම මත පදනම් වූ අගයට තරමක් එකඟ නොවේ: 67.80 km/s/Mpc.
මේ අගයන් අතර වෙනසක් පවතින්නේ ඇයි දැයි තාරකා විද්‍යාඥයින් තවමත් නොදනියි.
එහෙමනම් මේ ආටිකල් එක ෂෙයාර් කරන ගමන් ඔබේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එක ඒ පළ කරන්නත් අමතක කරන්න එපා.
Buzzer.lk සහ Buzzer Science & Technology සමඟ සම්බන්ධ වීමෙන් තවත් මෙවැනිම විස්තර දැන ගන්න.