ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා නිමා වූ වහාම ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කරලීම සඳහා අතිරේක ණය පහසුකම් ලබාදීම පිළිබඳ සලකා බලන බව ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති Masatsugu Asakawa පවසනවා.

පිලිපීනයේ මැනිලා නුවරදී පසුගිය 26 වැනිදා ආරම්භ වූ ආසියානු සංවර්ධන බැංකුවේ 55 වන වාර්ෂික සම්මේලනයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැනටමත් ඉතා ප්‍රායෝගික සහ ක්‍රියාකාරී ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග සඳහා එකඟවී ඇති බවයි ඔහු සඳහන් කළේ.

Share.
Leave A Reply

Exit mobile version