ලෝක බැංකුවෙන් ආධාර මුදල් ලෙස ලැබුණු අමෙරිකානු ඩොලර් මිලියන 70 ක මුදලට අදාළ ගෙවීම් භාණ්ඩාගාරය වෙත ලබාදීම අද සිට ආරම්භ කළ බව ලිට්‍රෝ සමාගම පවසනවා.

ඒ අනුව රුපියල් බිලියන 6.5 ක් මුදලක් ඉදිරියේදී මහා භාණ්ඩාගාරය වෙත නැවත ගෙවීම සිදුකරන බවයි එහි සභාපති මුදිත පීරිස් සඳහන් කළේ.

ලෝක බැංකුවෙන් ආධාර මුදල් ලෙස ලැබුණු අමෙරිකානු ඩොලර් මිලියන 70 ක මුදල ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් බිලියන 26 ක් පමණ වන බවත් දෙසැම්බර් මාසය අවසන් වන විට එම මුදල ගෙවා අවසන් කිරීමට බලාපොරොත්තු වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

Share.
Leave A Reply

Exit mobile version