පවතින ආර්ථික අර්බුදය සමඟ අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 100 ක පමණ හිඟයක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
ඒ අනුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කළේ ECG ලබාගන්නා කඩදාසි හිඟය මෙන්ම, X-Ray ඇතුළු විකිරණශීලී පරීක්ෂණ සිදු කිරීමේ ගැටලුද මේ වන විට මතුව ඇති බවයි.
මේ අතර රට තුළ පවතින ඖෂධ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඊට අදාළ විශේෂ කමිටුව දිනපතා රැස්වීමට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල තීරණය කර ඇති බව වාර්තා වනවා.