සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිසක් කොටුව ජනාධිපති මන්දිරයට ඇතුළුවන මාර්ගයක් අවහිර කිරීම සම්බන්ධයෙන් මේ වනවිට තම විරෝධය පළකරමින් සිටිනවා.
මේ අන්දමින් මාර්ග අවහිර කිරීමට මොනයම් ආකාරයේ අවසරයක් පොලීසියට නොමැති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සඳහන් කළේ.
මහජනයා මේ අවස්ථාවේ එක්ව නැගිටිය යුතු බවත් තවත් වසර දෙකක් ඉවසා සිටිනවාද තමන් විඳින පීඩාව වෙනුවෙන් සියලුම දෙනා එක්වනවාද යන්න තීරණය කළ යුතු බවයි ඇය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

