ජනාධිපති සමාව අවලංගු කරමින් වාහාම අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය නියෝගක කර තිබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (1) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා අත්අඩංගුවට පත්විය.
දුමින්ද සිල්වාට ජනපතිගෙන් ජනපති සමාව ලැබුනද හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, ඇයගේ මව වන සුමනා ප්‍රේමචන්ද්‍ර සහ හිටපු මානව හිමිකම් කොමසාරිස් ගසාලි හුසේන් යන අය විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් අයදුම්පත් තුනක් විභාග කිරීමට අවසර ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන පී.පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ සහ අචල වෙන්ගප්පුලි යන මහත්වරුන් විසින් මෙම නියෝග නිකුත් කර ඇත.